Friday, July 18, 2008

එළකිරි විවාද තරඟය 2008



විවාද නීතී රීතී


1)එක් කණ්ඩායමකට සාමජිකයන් ගණන 5 යි.

2) කණ්ඩායමේ සාමජිකයන් 20 දින නම් කරන අතර කණ්ඩායම් නායකයකු කණ්ඩායමේ සාමජිකයන් විසින් තෝරාගත යුතුය.තොරාගත් නායකයාගේ නම 22 දිනට පෙර අපට දැනුම් දිය යුතුය.

3) යෝජක සහ ප්*රතියෝජක පිල් තේරීම ඉතා සාධරණ ක්*රමයකට සිදුවෙන අතර එය 22 දින සිදුවේ.

4) පළමුව යෝජක පිළෙහි නායකයා තම අදහස් දැක්වීම කරන අතර,ඉන්පසු ප්*රතියෝජක පිළෙහි නායකයා අදහස් දැක්වීම සිදුකරයි.ඉන් පසුව පිළිවෙලින් සමාජිකයන් අදහස් දක්වයි.

5) එක් අයෙක් තම අදහස Post කරන තුරු අනෙක් පිළේ කෙනෙක් ට අදහස් දැක්විය නොහැක.එසේ කළ හොත් අවසාන ලකුණු වලින් ලකුණු ප්*රමණයක් අඩු කෙරේ.

6) එක් අයෙකු වචන 250 සීමාවක් තුළ තම අදහස් පළ කළයුතුය.

7) වචන 250 ඉක්මවු පසු ඇති අදහස් කියවීමකින් තොරවම නොසළකා හැරේ.

8) කණ්ඩායම් නායකයන්ට අදහස් පළකිරිමට අවස්ථා 2 ක් හිමිවේ.එනම් පළමු වාරය සහ අවසාන වාරයයි.

9) එක් පිළක අදහසක් අනෙක් පිළට quote කළ හැක.සම්පුර්ණයෙන් ම කරනවාද කොටසක් quote කරනවාද යන්න ඔබේ තීරණයකි.

10) ලකුණු ලබා දීම ඉතා සාධරණ විනිශ්චය මණ්ඩලයක් මඟින් සිදුවේ.
විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් විවාද දිනට දැනුම් දෙනු ලැබේ.
ඔවුන්ගේ තීරණය අවසාන තීරණය වේ.

11) විවාදයට සහභගී නොවන අයගේ අදහස් පළ කිරිමට වෙනත් thread එකක් එදිනට open කෙරේ.

12) විවාද මාතෘකාව 22 දින ලබා දේ.

13) සාමාජිකයන ට තමන් කැමති අවස්ථාවක දී අදහස හැකි නමුත් එක් කණ්ඩායමක සාමාජිකයන් දෙදෙනෙක් ගේ post එක ළඟ තිබිය නොහැක.


එළකිරි පද්‍ය රචනා තරගාවලිය




Are you ready to take the challenge?

Ok here we go…!


Ek Sinhala Language Day 2008

Beginners Poetry Competition


Haven’t you ever written a poem?

Would you like to give it a try?
Ok this opportunity is for you
Just convert your ideas/feelings in to words and make it a poem!
Then just PM that to maleemsg

Closing date: - 20th July2008

Winners will be announced on 25th July.
*those who are unable to use Sinhala Unicode write it in Singlish and send.

**those who have already posted Sinhala Poems IN EK are not approved!
Be a part of an Elakiri Legendඅභියෝග භාර ගැනීමට ඔබත් සූදානම්ද?
එසේ නම් මේ එයට අවස්ථාවයි

එළකිරි සිංහල දිනය - 2008
ආධුනික පද්ය රචනා තරගාවලිය
කවදාවත් කවියක් ලියලා නැද්ද ?

අපි පොඩි උත්සහක් දීලා බලමුද?
ඔව් ඔයාට පුළුවන්...!


ලස්සනම ...හොදම කවිය ලියන්න!


ඔයාලගේ සිතුවිලි අකුරු කරලා

ජූලි 20 වෙනි දිනට පෙර maleemsg පී.එම් කරන්න...!

*ජයග්රාහකයන් ජූලි 25 වන දින දැනුම් දෙනු ලැබේ
එළකිරි පුරාවෘත්තයේ ඔබේ කොටසට දායක වෙන්න.

**මින් පෙර එළකිරි අඩවියේ සිංහල කවි පල කර ඇති අය*ට මෙම අවස්තාව හිමි නොවන බව කරුණාවෙන් සලකන්න

ස්තූතියි

** මුලින් ඉංග්රිසි වලින් දැම්මේ යුනිකෝඩ් පහසුකම ලබාගත නොහැකි සාමාජිකයන් වෙනුවෙනි.

කවි තරගයට එන්න මෙතන ක්ලික් කරන්න


Thursday, July 17, 2008

එළකිරි සිංහල දිනය 2008




අපි එළකිරි.‍කොම් එකේ අපේ කට්ටිය එකතු වෙලා සිංහල යුනිකොඩ් වෙනු‍වෙන් පොඩි වැඩසටහනක් කරනවා